අප ගැන

ෆියුචර් ලයිෆ් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් (FLi) ණය පහසුකම් පිරිනැ මීමට වඩා  බො හෝ  දෑ  පිරිනමමින් ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රයට නව අරුතක් එක්කිරීමට කැ පවී සිටියි. ශ්‍රී ලංකා වේ  පිහිටුවන ලද අප ආයතනය, විශේෂයෙන්ම අවවරප්‍රසා දිත ව්‍යවසා යකයින් ඇතුළු සැ මට සම අවස්ථා  නිර්මාණය කරදීම කෙරෙහි අවධානය යොමු කරයි. අපගේ ප්‍රවේශය සාම්ප්‍රදායික මූල්‍ය, ඉතුරුම් සහ ආයෝජන හැසිරවීම යනාදියෙන් ඔබ්බට විහිදෙන්නේ විනිවිදභාවයෙන් යුතු කොන්දේසි පවත්වා ගැනීම, සහ සුවිසල් ලෙස සහාය සැපයීම ඔස්සේය. ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ පවා අභියෝග ජයගැනීමටත්, ස්ථාවරත්වය සහ වර්ධනය පවත්වා ගැනීමටත් අපි සේවාදායකයින් සවිබල ගන්වන්නෙමු. ළඟාවීමේ හැකියාව, අන්තර්ග්‍රාහීත්වය, සහ සාධාරණත්වය වෙනුවෙන් කැපවූ FLi ප්‍රජා-මූලික ආර්ථික සංවර්ධනය ඉදිරියට රැගෙන යන, බලාපොරොත්තුවේ ප්‍රදීපස්තම්භයකි. පෙරට යෑමට සේවාදායකයින්ට හැකියාව ලබාදෙමින්, ව්‍යාපාර සඳහා මූල්‍යකරණ පහසුව සැලසීම පමණක් නොව, සමෘද්ධිමත් අනාගතයක් උදෙසා වඩාත් සවිමත්, තිරසාර ප්‍රජාවන් ගොඩනැගීමටද අපි කැප වන්නෙමු.

ඉතිහාසය

වර්ෂ 2016 දී ශ්‍රී ලංකාවේ, ගම්පහ ප්‍රදේශයේ පිහිටුවන ලද ෆියුචර් ලයිෆ් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් (FLi) ඇරැඹුණේ ක්ෂුද්‍රමූල්‍ය අංශය තුළ පෙරළියක් ඇති කරමින් ආර්ථික සවිබල ගැන්වීම ඇති කරලීමේ ඒකායන අරමුණක් සමඟිනි. සරල තනි ස්ථානීය මෙහෙයුමක් ලෙස ගමන් ඇරැඹූ අපි, වේගයෙන් ව්‍යාප්ත වෙමින් මේ වනවිට සාඩම්බර හැඟීමෙන් යුතුව දේශය පුරා සේවාදායකයින් 80,000කට සේවය සපයන්නෙමු. FLi ගමන්මඟ සැකසී ඇත්තේ නව්‍යකරණය, සමාජ වගකීම වෙනුවෙන් කැපවීම, සහ ප්‍රජා සංවර්ධනය කෙරෙහි නිරන්තර අවධානය ඔස්සේය. අපගේ සේවාදායකයින්ගේ වෙනස් වන අවශ්‍යතා හඳුනාගනිමින් සහ මූල්‍ය සේවාවන් සමඟ අධ්‍යාපනික හා සංවර්ධන වැඩසටහන් මුසුකරමින් අපි ඉදිරියට පැමිණ ඇත්තෙමු. අපගේ ඉතිහාසය යනු වැඩිදියුණුව පමණක් නොව, අප සේවය කරන ප්‍රජාවන් තුළ අර්ථවත් හා දිගුකල් පවතින බලපෑමක් ඇතිකිරීමට අප සතු කැපවීම පිළිබඳ කතාපුවතද එය හා බැඳී පවතී.

අනාගත දැක්මක් සහිත පුද්ගලයින් සවිබල ගැන්වීම

සිය ජීවන ගමන පුරා නොනැවතී ප්‍රගතිය සොයා යන අය සඳහා සුවිසල් අවස්ථාවක් අනාගතයෙන් සැපයෙයි. නව මංපෙත්, ශක්‍යතාවන්, සහ අවස්ථා ගවේෂණය මඟින් ඇදැහිය නොහැකි තරමටම විස්මිත මෙන්ම විශිෂ්ට ජයග්‍රහණ සඳහා දොරටු විවර වන්නේ ළඟාකර ගත හැකි දෙයට අදාළ සීමා මායිම් පුළුල් කරමිනි. දූරදර්ශී ලෙස කල්පනා කරන ඉදිරියේදී උදාවිය හැකි තත්ත්වයන් සඳහා කල්තියා සැලසුම් සකසන, අනාගත දැක්මක් සහිත පුද්ගලයින්ට කාලයට ගැළපෙන නැණවත් තීරණ මඟින් සිය ජීවිත මෙන්ම සිය ආදරණීයයන්ගේ ජීවිතද විශාල වශයෙන් පෝෂණය කළ හැකිය.

ෆියුචර් ලයිෆ් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් හෙවත් FLi වෙතින් එවැනි අනාගත දැක්මක් සහිත පුද්ගලයින්ට වඩාත් ප්‍රශස්ත සේවයක් සැලසෙයි. අපේක්ෂාවන් සහ ඉදිරිගාමී චින්තනයක් සහිත සැලසුම් ඔස්සේ ඉදිරියට ගමන් කරන FLi වඩාත් පැහැපත් අනාගතයක් කරා පිය නගන සැමට නිසි මඟ පෙන්වයි.

අපගේ අරමුණ

අපගේ මූලික අරමුණ වන්නේ ‘’ගෞරවනීය සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සැපයෙන සම්බන්ධතාවන් ඔස්සේ ජීවිත සරුසාර කිරීමය’’. සම්මත ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රයේ සීමාමායිම් ඉක්මවමින් අප මෙහෙයුම් කටයුතු කරන්නේ ඒ සඳහාමය.

අපගේ ප්‍රවේශය

අපගේ සුවිශේෂ ප්‍රවේශය මඟින් කොන්දේසි සම්බන්ධ පැහැදිලිතාව සහතික කරමින් සහ පරිපූර්ණ සහාය පිරිනමමින්, ඉතුරුම් සහ ආයෝජන සඳහා මඟපෙන්වීම ඔස්සේ සාම්ප්‍රදායික මූල්‍ය සේවාවන් විප්ලවීය ලෙස ඉහළ නංවනු ලබයි. දැඩි ආර්ථික තත්ත්වයන් යටතේ පවා ස්ථාවරත්වය සහ වර්ධනය පවත්වා ගනිමින් අභියෝග ජයගැනීමට අපගේ සේවාදායකයින් සවිබලගන්වයි. පහසුවෙන් සම්බන්ධවීමේ හැකියාව, අන්තර්ග්‍රහණය, සහ සාධාරණත්වය සඳහා වන අපගේ කැපවීම මඟින් FLi බලාපොරොත්තුවේ සංකේතයක් මෙන්ම ප්‍රජා-මූලික ආර්ථික සංවර්ධනය ඉදිරියට රැගෙන යන්නෙකු බවට පත්කරයි. අපගේ සේවාදායකයින්ට සාර්ථකත්වය අත්පත් කරගැනීමට සහාය වීම මඟින් ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම් සපයනවාට අමතර වශයෙන් අපි වඩාත් දීප්තිමත් අනාගතයක් උදෙසා වඩා සවිමත්, ස්වයං-තිරසාරත්වය සහිත ප්‍රජාවන් ගොඩ නගන්නෙමු.

අපගේ වටිනාකම්

Our noble endeavor is to stay true to the values and ideas which we believe in as an organization by never compromising our sense of integrity.

 

The victory that you savor is our greatest achievement. Therefore our tireless efforts are invested in inking your success story.

Our dedicated efforts are invested towards offering the mentorship, guidance and financial assistance which you require to grow in stature and unearth your real potential.

 

Being an organization which is sensitivity to your thoughts, dreams and aspirations, we understand your needs as we invest ours tireless efforts to fuel your growth.

We consider transparency to be a key ingredient in our recipe for success as it enables us to build trust and forge a stronger bond with you.

Board Of Directors