Women’s Empowerment Micro Loan

මූල්‍ය සහභාගිත්ව හැකියාව සහ ප්‍රජා සංවර්ධනය ඇතිකරමින්, ව්‍යාපාර ඇරැඹීම සහ පුළුල් කිරීම සඳහා පහසුවෙන් ලබාගත හැකි ක්ෂුද්‍ර ණය පහසුකම් ඔස්සේ ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායකයින් සවිබලගැන්වීම.

කාන්තාවන් සවිබලගැන්වීමේ ක්ෂුද්‍ර ණය පහසුකම් වැඩසටහන වෙන්කර ඇත්තේ ශ්‍රී ලාංකික කාන්තාවන් අතර ආර්ථික වර්ධනය සහ ස්වාධීනත්වය ඇතිකිරීම උදෙසාය. එමඟින් විශේෂ වශයෙන් ඉලක්ක කරගනු ලබන්නේ තමන්ගේම කියා ව්‍යාපාර ඇරැඹීමට හෝ වැඩිදියුණු කරගැනීමට වුවමනාවක් ඇතත් සාම්ප්‍රදායික බැංකුකරණ සේවාවන් සඳහා ඇති සීමිත ප්‍රවේශ අවස්ථා මඟින් අපහසුතාවන්ට මුහුණ පා සිටින කාන්තා කණ්ඩායම්ය. මෙම වැඩසටහන මඟින් 9 සිට 30 දක්වා වූ කාන්තා සාමාජිකාවන්ගෙන් සමන්විත සහයෝගිතා සමූහයන් වන ‘කේන්ද්‍ර’ සාදාගැනීමට ආරාධනා කරනු ලබයි. මෙම කේන්ද්‍ර ප්‍රජා ඇපකරුවන් සහ සහකාරක පද්ධති ලෙස ක්‍රියා කරමින්, සාමාජිකාවන්ට සාමූහික වශයෙන් ණය මුදල් ලබාගෙන එකිනෙකාගේ ව්‍යවසායකත්ව කටයුතුවලට සහාය සැපයීමේ හැකියාව ලබාදෙයි. මෙම නව වැඩසටහන මඟින් සාමාජිකාවන්ට මූල්‍ය සහාය ලබාගග හැකි වනවා පමණක් නොව, එකිනෙකා අතර දැනුම හුවමාරු කරගැනීම, අන්තර් සම්බන්ධතා ජාල ගොඩනගා ගැනීමේ අවස්ථා, සහ සිය ප්‍රජාවන් තුළ ඉහළ පෙනීසිටීම් අවස්ථා ලබාගැනීම යනාදියද හිමිවෙයි.  

මූලික විශේෂාංග

  • අන්‍යොන්‍ය සහාය සහ වගවීම සඳහා සාමූහික පදනම මත ණය ලබාදීම.
  • සුළු-පරිමාණ ව්‍යාපාර අවශ්‍යතාවන්ට සරිලන පරිදි ණය වටිනාකම් විශේෂයෙන් සකසා තිබීම.
  • අවම ලිපිලේඛන සහිත සරල අයැදුම් ක්‍රියාවලිය.

ප්‍රතිලාභ

  • සාම්ප්‍රදායික ඇපකර පහසුකම් රහිත කාන්තාවන් සඳහා ණය ලබාගැනීමේ පහසුව ඉහළ නංවයි.
  • ප්‍රජා-මූලික සංවර්ධනය සහ කාන්තාවන්ගේ ආර්ථිකමය සහභාගිත්වය ඉහළ නංවයි.
  • කාන්තා ව්‍යවසායකයින් අතර අන්තර් සම්බන්ධතා ජාල ගොඩනැගීම සහ දැනුම හුවමාරු කරගැනීම සඳහා වේදිකාවක් සපයයි.

සුදුසුකම් අවශ්‍යතා

  • සාමාජිකාවන් 9 සිට 30 දක්වා වූ පිරිසක් සහිත කේන්ද්‍රයක් සාදාගන්නා කාන්තා අයැදුම්කාරියන්.
  • සුළු ව්‍යාපාරයක් ඇරැඹීමට හෝ පුළුල් කිරීමට ඇති කැපවීම.
  • විධිමත් මූල්‍ය ඉතිහාසය හෝ ඇපකර අවශ්‍ය නොවීම.